රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූයේ (29) “රළ පෙළ දිනන දරුවෝ” වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
වැඩසටහනේ පළමු අදියර එදින බේරුවල, මොරගල්ල වෙරළ තීරයේ දී උදැසන 8 ට ආරම්භ වීමට නියමිත ය. අභියෝග රාශියක් මැද වුවත් දරුවන් වෙනුවෙන් ආරම්භ වන මෙම වැඩසටහන කළුතරින් ආරම්භ වී උතුරු නැගෙනහිර හා අනෙකුත් වෙරළ ආශ්‍රිත දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ළමුන් 300 කගේ පමණ සහභාගිත්වයෙන් පළමු වැඩසටහන ආරම්භ වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දැනට ශ්‍රී ලංකාවේ සෙමෙන් මනස වැඩෙන දරුවන් ලක්ෂ 7ක් පමණ ජිවත් වන බවත් ඔවුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් සැළසුම් කර ඇති බවත් පැවසීය.
ධීවර අමාත්‍යංශය විසින් ඉදිරියේදී ධීවර ජනතාවගේ පවුලේ හා දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට බලාපොරොත්තු වේ. මෙයට සමගාමීව නව රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද සැළසුම් කර ඇත. ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් මගින් ධීවර ප්‍රජාවගේ දරුවන් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමටද යෝජනා වී ඇත. අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 18ක් වන තුරු මෙම දීමනාව
ලබාදීමට ද අපේක්ෂා වේ. මේ සඳහා ලංකා බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මගින් සහයෝගය දක්වනු ලැබේ.