වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේ, කර්මාන්ත අමාත්‍යංශය යටතේ ස්ථාපිත කොට ඇති උපදේශක සභා කමිටු රැස්වීම ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදීයි.
නිෂ්පාදන කර්මාන්ත උප අංශ 21 ක් සදහා කර්මාන්ත කරුවන් , රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ විද්වතුන්ගෙන් සමන්විත වූ මෙම උපදේශක සභා කමිටු රැස්වීමට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාද එක්වූහ.
එහිදී කර්මාන්ත කරුවන් එක් එක් ක්ෂේත්‍රයන්හිදී මුහුණ පාන ගැටළු පිළිබඳව මෙන්ම පොදුවේ පවතින විදුලිබල හා බලශක්ති අර්බුදය , අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ ගැටළු , විදේශ විනිමය පිළිබඳ ගැටළුව, මෙන්ම ආනයන අපනයන ක්‍රියාවලියේදී මතුවන ගැටළු පිළිබඳව සාකච්ඡාවට බදුන්විනි. එමෙන්ම එහිදී පුළුල් ලෙස කර්මාන්ත උදෙසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීම පිළිබඳව කතා බහ කෙරුණු අතර මාසිකව මෙම උපදේශක සභා කමිටු රැස්වීම පවත්වමින් කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා හැකි සියළු පියවරයන් කඩිනමින් ගැනීමට සියළුදෙනා එකගතාවයටද පැමිණියහ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු නිළධාරින් සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීන්ද එක්වූහ.