2017 මැයි මස 24 දින රැස් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම සැප්තැම්බර් මස 30 වන දින ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස නම් කරන ලදී.
ඒ අනුව විශේෂයෙන් විවිධ භාෂා ව්‍යවහාර කරන විවිධ ජාතීන්ගේ සමන්විත රටවල එම විවිධ ජාතීන් අතර සන්නිවේදනය කටයුතු පහසු කිරීම උදෙසා භාෂා පරිවර්තනයේ දිනය නම් කර ඇත.
මෙම උත්සවයේ දී "රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය හා ගමන් මග" සහ "රාජ්‍ය භාෂා අත්පොත" රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වනු ලැබූ අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂාවන් පරිවර්තනය සඳහා වූ වෙබ් අඩවිය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ජනගත කරන ලදී
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්නෙ, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර , කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සඳගෝමි කෝපරහේවා , රාජ්‍ය භාෂා කොමිසමේ සභාපති නීතිඥ ඩි. කලංසූරිය යන මහත්වරු සහ භාෂා පරිවර්තකයෝ ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.