පියයුරු පිළිකා ඇති රෝගීන් කල් ඇතිව හඳුනාගැනීම, කඩිනම් රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ පිළිකාව සමඟ දිවි ගෙවන රෝගීන් සඳහා ඇති නොයෙකුත් සේවාවන් පිළිබඳව ජනතාවගේ දැනුවත්බව වැඩි කිරීමේ අරමුණින් ලොව පුරා “පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය” සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලබයි.
පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන මූලික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම මගින් රෝගය සුව කර ගැනීමට ඇති හැකියාවද වැඩිවේ. ප්‍රතිකාර වල ඵලදායීතාවය ඉහළ නැංවීමට අමතරව, කලින් හඳුනාගැනීම මගින් මූලික ශල්‍යකර්ම පමණක් සිදුකර ශරීර හැඩයට සිදුවන බලපෑම වළක්වා ගැනීමටත් වියදම් අඩු සරල ප්‍රතිකාර සඳහා යොමුවීමටත් අවස්ථාව සැලසෙයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහන පළාත්/ ප්‍රාදේශීය අධ්‍යක්ෂ කාර්යාල, රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව 2022 ඔක්තෝබර් මාසය තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත