කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම උළෙල පැවැත්වූ අතර එහිදී එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් මෙන්ම ප්‍රධාන චරිත රඟපෑ සිනමාකරුවන් දෙදෙනා වන කුමාර තිරිමාදුර මහතා සහ සරත් කොතලාවල මහතා උපහාරයට පාත්‍ර විය.
එමෙන්ම එම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, සරසවි පොත් ප්‍රකාශක ආයතනයේ අධිපති එච් ඩී ප්‍රේමසිරි සහ ප්‍රවීන සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්ද සම්මානයට පාත්‍ර විය.
මීට අමතරව එම සිනමා පටයේ රංගනයෙන් දායක වූ සියලුම රංගන ශිල්පීන්ට මෙන්ම අනෙකුත් සහය දැක්වූ ශිල්පීන්ටද සහතික පත්‍ර පිරිනැමීය. මෙම සිනමා පටය රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා උළෙලෙදී හොඳම නළුවා සම සම්මානය ඇතුළු සම්මාන රැසක් ලබාගනු ලැබීය. එමෙන්ම ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානයද දිනාගනු ලැබීය.
මෙම සම්මාන උළෙලේ ආරාධිතයා වශයෙන් එක්වූ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ තමා මීට පෙර සම්මානයට පාත්‍ර වූ සිනමා නිර්මාණ කිහිපයකට නිෂ්පාදනයෙන් දායක වූ බවත්, මෙම නිර්මාණය සඳහා තමාට දායක වීමට ලැබීම සතුටට කරුණක් බවත්ය.