මෙම සුඛෝපභෝගී විශේෂ දුම්රිය දළදා මාළිගාව වැඳපුදාගැනීමට හා පේරාදෙණිය උද්භිත උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පහසුව පිණිස ආරම්භ කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය. තවද, අනුරාධපුරය වන්දනාමාන කිරීමට යන බැතිමතුන් උදෙසා ද නුදුරේදීම කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
අද සිට සෑම සති අන්තයකම ගමන් ආරම්භ කරන මහනුවර ඔඩෙසි දුම්රිය පෙ.ව. 6.30ට කොළඹින් පිටත්ව පෙ.ව. 9.18 ට මහනුවරට ලඟා වේ. නැවත ප.ව. 4.50ට මහනුවරින් පිටත්වී ප.ව. 7.40ට කොළඹ කොටුවෙන් ගමනාත්ය සනිටුහන් කරයි. අධි සුඛෝපභෝගී හා වායුසමණය කළ පහසුකම් යටතේ ආසන 44කින් යුතු පළමු පන්තියේ මැදිරි ගණන 04කි. ආසන 44කින් යුත් දෙවන පන්තියේ මැදිරි ගණන 3කි. සම්පූර්ණ ආසන ධාරිතාව 308ක් වන අතර දුම්රිය භෝජනාගාරයකින් ද සමන්විත වේ.
වායුසමනය කළ අධි සුභෝපභෝගි පළමු පන්තියේ වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍රයක මිල රු. 2000ක් වන අතර 2 වන පන්තියේ වෙන්කළ ආසනක මිල වන්නේ රු. 1500 කි. කොළඹ කොටුව සිට මහනුවර දක්වාත් නැවත මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් ගමන්කරන මෙම දුම්රිය ගම්පහ, වේයන්ගොඩ, පේරාදෙණිය හා සරසවිඋයන යන සීමිත දුම්රිය නැවතුම්පොළ තුළ පමණක් නවත්වමින් ගමන් කරයි. එක් ගමන් වාරයක් සඳහා මෙම විශේෂ දුම්රියේ සම්පූර්ණ ධාවන කාලය පැය 2යි විනාඩි 48කි.
අද දින ආරම්භ කළ මෙම සුඛෝපභෝගී දුම්රියේ පළමු ගමන්වාරයේදීම විශාල මගීන් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. කොළඹින් උදෑසන පිටත් වී මහනුවර නගරයේ සංචාරය කර නැවත සවස් කාලයේ කොළඹ බලා පැමිණීමට හැකි පරිදි ඉතා පහසු ගමනාන්තයක් ජනතාව වෙත ලබා දීමේ අරමුණින් අද ආරම්භ කළ මෙම විශේෂ දුම්රියේ ආරම්භක අවස්ථාව සඳහා දුම්රිය සාමාන්‍යාධීකාරි කුමාර ගුණසිංහ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.