පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්වහන්සේගේ අනුශාසනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු ස්වේච්ඡා සංවිධාන රාශියක සහභාගිත්වයෙන්''ප්‍රජා මුළුතැන්ගෙය''නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.
මෙම වැඩසටහනේ මුල් අදියරේදී අවුරුදු 5ට අඩු ඌන පෝෂණ මට්ටමෙන් පෙළෙන දරුවන් හඳුනා ගැනීමට කටයුතු කරනු ලැබීය. මෙම නියමු ව්‍යාපෘතිය කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ කොම්පඤ්ඤවීදිය, වෑකන්ද, හුණුපිටිය, ඉබ්බන්වල හා ගාලුමුවදොර යන ග්‍රාම නිලධාරී වසම් 5ක් ආවරණය වන පරිදි පවුල් 350ක (1200ක් පමණ පිරිසක්) පමණ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.
ක්‍රියාත්මක කෙරුණු මෙම නියමු ව්‍යාපෘතිය මගින් හඳුනාගන්නා අවුරුදු 5ට අඩු ඌන පෝෂණ තත්ත්වයේ පසුවන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය කෙන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය. මෙම නියමු ව්‍යාපෘතියේ සංවිධානය කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියේ ප්‍රජා පොලිස් කොට්ටාශය සහ පරිසර කොට්ටාශයේ පූර්ණ දායකත්වය ලබා දී තිබේ. එසේම කොළඹ මහ නගර සභාව, කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ලිබරල් සහෝදරත්වය, ජාත්‍යන්තර රොටරැක්ට් සමාජය, 306 ලියෝ බහු මණ්ඩලය, ෆොන්ටෙරා ආයතනය සහ නෙස්ලේ ආයතනය මෙම නියමු ව්‍යාපෘතිය සඳහා තම දායකත්වය ලබා දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව