විශේෂයෙන් මෙරට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය, අයිතිවාසිකම් මෙන්ම දරුවන් සම්බන්ධ ආයතන වල ක්‍රියාත්මක වන වෘත්තීන් වල ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමු කිරිමට තම සංසදය බලාපොරොත්තු වන බවද සභාපතිනිය පැවසුවාය.
දරුවන් සම්බන්ධව සෘජු වගකීමක් ඇති අමාත්‍යාංශ වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සමග ඉදිරියේදී වඩාත් සක්‍රීයව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවද කවිරත්න මහත්මිය සඳහන් කළාය.
කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ, ඔක්තොබර් පළමුවැනිදා ට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.