කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ශිෂ්‍යයන්ගේ දේශපාලන විද්‍යා විෂය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වූ අතර ඒ් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
කොළඹ ආනන්ද විද්‍යාලයීය දේශපාලන විද්‍යා සංගමයේ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සහිකයන් සහ ආරාධිත පාසල්වල ශිෂ්‍යයන්ද සහභාගී වූහ.
එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව, සංක්ෂිප්ත ප්‍රවේශයක් මැයෙන් දශක ගණනක සිය පාර්ලිමේන්තු සේවා අත්දැකීම් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සමඟ බෙදා ගන්නා ලදි.
පාර්ලිමේන්තු කාරක සභා සහ අනාගත පුරවැසියාගේ දායකත්වය මාතෘකාව යටතේ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ . ජයතිලක මහතා සිය දේශනය සිදුකළ අතර, ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට හැඳින්වීමක් යන මාතෘකාව යටතේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායකසේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා සිය සම්පත් දායකත්වය ලබා දුන්නේය.
මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව සිදු කරන ලද දැනුවත් කිරීම් පෙළක තවත් අදියරකි.
පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය පිළිබඳව ඔබේ දැනුවත්භාවය දියුණු කරලීම පිණිස දිවයිනේ ඕනෑම ස්ථානයක මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට හෝ මාර්ගගතව පැවැත්වීමට අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය ඇමතීමෙන් එම වැඩසටහන් සංවිධානය කර ගත හැකිය.