ලොව ජනග්‍රහණයෙන් අඩකටත් වඩා වැඩි ජනතාවක් නාගරික පරිසරයේ ජීවත් වෙයි. 2030 වන විට ලෝක ජනග්‍රහණයෙන් 60%ක් නාගරික ජනතාව විය හැකි බවට පුරෝකතනය කර තිබේ. මෙම ලෝක තත්ත්වය ශ්‍රී ලංකාවටද පොදුය.
මේ තත්ත්වය හේතුවෙන් අවිධිමත් ජනාවාස, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, නිවාස හිඟකම, දේපොල අයිතියේ ගැටළු, වාහන තදබදය, වැයුව දූෂණය වීම, පාරිසරික දූෂණය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, රැකියා සහ භූමිය සීමිතවීම ආදී ගැටළු රැසකට ඉදිරියේදී ලෝක ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට ද මුහුණදීමට සිදුවේ.
නාගරිකරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ගැටළුවලට මුහුණ දීමට සිදුවන හෙයින් පෙර සූදානමකින් යුතුව කටයුතු කිරීම හරහා ඉදිරියේ ඇතිවිය හැකි ගැටළු අවම කිරීමේ අපේ මූලික පරමාර්තයයි. මේ නිසා විධිමත්, ප්‍රමිතිගත ආකාරයෙන් නිවාස ඉදිකිරීම මෙන්ම අවිධිමත් ජනාවාස විධිමත් කිරීමට මූලිකත්වය දිය යුතුව තිබේ.
මෙම ගැටළුව හදුනාගනිමින් කොළඹ නාගරික අඩු පහසුකම් ජනතාවට ප්‍රමිතිගත මහල් නිවාසයක ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ වැඩසටහනක් ආරම්භකර තිබේ. 2010 වසරේ සිට ක්‍රමාණුකූලව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන හරහා මේ වන විට පවුල් 7619කට විදිමත් ජනාවාසයක ජීවත්වීමේ අවස්ථාව උදාකර ඇත. 2022 වසර අවසාන වන විට තවත් පවුල් 20192කට විධිමත් ජනාවාසයක ජීවත් වීමේ පරිසරය සැකසීමට සැලසුම් සකස් කර තිබේ. මීට සමගාමීව අනෙකුත් ප්‍රදේශවල නාගරික කළාප තුළ වෙසෙන අඩු පහසුකම් ජනාවාසවල ප්‍රජාව වෙනුවෙන් ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මේ සියල්ල සිදුවන්නේ ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට විසදුම් සොයන අතරේයී. ඒ අනුව ආර්ථික අර්බුදයට ස්ථිරසාර විසදුම් ලබාදීමට සමගාමීව ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඇතුළු අනෙකුත් සේවා හා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ.
“වෙනසක් නොකරමු, කිසිවකු හෝ කිසිතැනක් අත්නොහැර රැක ගනිමු“ යන තේමාව යටතේ මෙවර 2022 ලෝක ජනාවාස දිනය සැමරෙයි. කොවිඩ් 19, දේශගුණය හා ගැටුම් යන ත්‍රිත්ව අර්බුදයන් හරහා වර්ධනය වන විෂමතාවය සහ අවදානම් කෙරෙහි අවධානය යොමු කර එම අර්බුද පරාජය කරමින් ජනතාවගේ ජනාවාස ගැටළුවලට කඩිනම් පිළියම් ලබාදීමට අදිටන් කර ගනිමු.
ස්තූතියි.
මෙයට සේවයට කැපවු,
ප්‍රසන්න රණතුංග
(නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය)