අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් රුපියල් මිලියන 4600ක් (ඩොලර් මිලියන 12ක) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීමට පියවර ගෙන තිබේ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ අමෙරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති අතර මේ වන විට අවස්ථා 03කදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඖෂධ තොග එවා තිබේ. එහි අවසන් ඖෂධ තොගය හා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රජය වෙත (02 දින) පිරිනැමීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමඟ ඉදිරියටත් කටයුතු කරන බවත් මෙවර ත්‍යාගශීලී වූ Heart to Heart International, Hope Worldwide, Americares ආතනවලට කෘතඥතාව පළ කරන බවත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි.
Heart to Heart International ආයතනය විසින් ඩොලර් මිලියන 9.131ක ඖෂධ තොගයක් පසුගිය ජූලි මාසයේදී ද එවා ඇත. සැප්තැම්බර් මාසයේ Americares ආයතනය එවන ලද ආධාරවල වටිනාකම ඇ.ඩො. 773,000 ඉක්මවයි. ඔක්තෝබර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට එවීමට නියමිත Hope Worldwide හි ආධාර තොගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 1.74කට වඩා අධිකය.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD)