පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මායිම වශයෙන් ගැනෙන මීගස්වැව, ගොඩපත්ත හා සූරියපුර වෙන් කෙරෙන ඉතා සුන්දර හා සංචාරක ආකර්ෂණයට නිතැතින් ලක්වන, මහවැලි ගඟෙන් සෘජුවම පෝෂණය වන, ලංකාවේ දිගම පිට වාන සහිත හා වසරේ දින 365 පුරාවටම වාන් දමන, අක්කර 2000ක් පමණ පුරා විහිදී ඇත
ජනරංජන වැවෙහි එක් අන්තයක සිට අනෙක් අන්තයට මීටර් 75 පමණ කෙටි වූ ස්ථානයක පාලමක් ඉදිකිරීම මගින්, දිස්ත්‍රික් දෙක අතර ගොවි හා ධීවර ප්‍රජාව ඇතුළු පොදු මහජනතාවට ගමනා ගමන පහසුකම් සැළසෙනවා සේම, එම ප්‍රදෙශයේ ජනතාවගේ ජන ජීවිතයට මහත් රුකුලක් වන බව නිරීෂණය විය.
වන අලින් හා සංචාරක පක්ෂීන් ගෙන් ගහන මෙම ප්‍රදේශය,දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් ප්‍රදේශයේ විරැකියාවෙන් පෙලෙන තරුණ ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, විදේශ විනිමය ගලා ඒමෙන් රටේ ආර්ථිකය යහපත් කර ගැනීමට ද හැකියාව පවතින බැවින්, අදාළ සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදීමට පියවර ගත්තේය.
තවද, දිනපතා මහවැලි ගඟෙන් හා ජනරංජන වැවෙන් මාලු ටොන් 2 පමණ අස්වැන්නක් නෙලාගෙන රටපුරා බෙදාහරින "ජනරංජන වැව ධීවර සමිතියේ" සාමාජිකයින් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින්, එම ධීවර සමිතියේ මූලික අවශ්‍යතාවයක් වන සමිති ලියාපදිංචිය ත්‍රීකුණාමලයෙන් ඉවත්කර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ධීවර සමිතියක් බවට පත් කිරීමටත්, ධීවර සමිති වෙත ලබාදෙන ප්‍රතිපාදන ඇතුළු රජය විසින් ලබාදෙන ධීවර ආම්පන්න මෙම ධීවර සමිතියටත් ලබාගැනීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ අවධානයට යොමු කරවන ලෙස අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් තුෂාර ලොකු කුමාර මහතා දුරකථන මගින් සම්බන්ධ කර ගනිමින් දන්වා සිටින ලදී, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම මහතා දුරකතන මගින් සම්බන්ධ කරමින් මෙම ධීවර සමිතියට ධීවර බෝට්ටු කිහිපයක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වන ලදී.
මේ අවස්ථාව සඳහා "ජනරංජන වැව ධීවර සමිතියේ නිලධාරී, සාමාජික මහත්ම මහත්මීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඉංදික කරුණාරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එම්.ඩබ්ලිව්. රත්නසිරි, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඒ. කේ. ජව්වර්, වාරිමාර්ග ඉංජිනේරු (කන්තලේ) එස්.ඒ.සී.එස්. සුරවීර, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු (කවුඩුල්ල) ඉංජිනේරු ශාන්ත ගමගේ, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන නීතීඥ හිමාලි එස්. විදානගමගේ, ඉංදික කරුණාරත්න, පුබුදු ප්‍රියංකර, ධම්මික රත්නායක, මීගස්වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ජේ.එස්. බණ්ඩාර, සූරියපුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි හපුආරච්චි, මාධ්‍යවේදී චමින්ද සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.