පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
පාන් පිටි පිළිබඳව ප්‍රශ්නයක් පවතින බව කී අමාත්‍යවරයා, මෙසේ ද පැවසීය. ''පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකට ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වුණා තිරිඟු ඇට ගෙන්වීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම නිසා.ඒ නිසා වෙනත් විකල්ප වලට ගොස් තිරිඟු පිටි ආනයනය කරන්න අවස්ථාව ලබාදුන්නේ.ඉන් සියයට 90%ක් ආනයනය කළේ, ඉන්දියාවෙන්.ඉන්දියාවත් තිරිඟු පිටි අපනයනය තහනම් කළා. ඒ නිසා ගැටළුවකට මුහුණ දුන්නා. දැන් ඩුබායි සහ තුර්කි රාජ්‍ය මඟින් තිරිඟු ආනයනය සිදු කරනවා. මෙයට කාලයක් ගත වන නිසා වෙළඳපොළට පිටි අඩුවීමක් සිදු වුණා. ඒ නිසා විශාල මිල වැඩිවීමක් සිදු වුණා.මේ වනවිට කන්ටේනර් 100ක් පමණ වරායට පැමිණ තිබෙනවා. මේ සතියේ සිට අපට අඛණ්ඩව ආනයනය කළ තිරිගු පිටි ලැබෙනවා. ඒ අනුව අනිවාර්යෙන් ම මිල පහත වැටීමක් සිදු වෙනවා. උඩරට ජනතාවටත් ,නාගරික ජනතාවටත්, බේකරි හිමියන්ටත් මේ ගැටළුව පසුගිය මාසය තුළ තිබුණා. මේ සතිය තුළ පාන් පිටි මිල අඩු කරගැනීමට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.