අමාත්‍යවරිය මේ බව පැවසුවේ, කාන්තා සනීපාරක්ෂක තුවා මිල අඩුකිරීමට ගත් පියවර සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (03) පැවති
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ දැනට සිනිඳු නමින් සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත්, ඉන්දීය අඩු මිල සනීපාරක්ෂක තුවා ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේදී ඉතාමත් අඩු මිලකට සනීපාරක්ෂක තුවා ලබාදීමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම පාසල් යන වයසේ දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට අවශ්‍ය කටයුතු නුදුරේදී සළසන බවද පවසමින් අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ, මින් ඉදිරියට කාන්තා සනීපාරක්ෂක තුවා අධික මිලකට විකිනීමට කිසිදු සමාගමකට අයිතියක් නොමැති බවත්, සියලු බදු ඉවත් කර ඇති නිසා හැකි උපරිම සහනය කාන්තාවන්ට ලබාදිය යුතු බවත්ය.