බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අමාත්‍ය අලි සබ්රි මහතා සහ මහ කොමසාරිස් ෂැල්ක් මහතා, මෙරට ආර්ථික අර්බුදයේ පටන් මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය දක්වා වැදගත් වන කරුණු පිළිබඳව ද සිය අදහස් හුවමාරු කර ගත්හ. අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී සංහිඳියාව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්‍ෂා කිරීම පිළිබඳ ජාතික ප්‍රයත්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලද ප්‍රගතිය පිළිබඳව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා විශේෂාකාරයෙන් දැනුම්වත් කළේ ය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්රි මහතාට සුබ පැතූ මහ කොමසාරිස්වරයා, බහුපාර්ශ්වික සංසද හමුවේ දකුණු අප්‍රිකාවේ ස්ථිර සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවට සහතික විය.