ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලියාපදිංචි සමාගම් ඇත්තේ 05ක් පමණක් බවත් නැවත වතාවක් ගැටළු සහගත තත්වයක් ඇතිවීමට පෙර මෙම තීරණය ගත් බව පැවසූ බලශක්ති අමාත්‍යවරයා තමා මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා සමග සාකච්ඡා කළ බවද කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය සඳහා 2022-2025 කාලසීමාව තුළ ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන
ක්‍රියාවලිය ඇගයීමේ විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. වසර 03කට ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා මෙම ටෙන්ඩරය ලබා දී තිබුණද මෙම ආයතනය ලියාපදිංචි වී නොමැති බවත්, ඒ අනුව නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට මෙම කටයුතු සිදු වී නොමැති බවද මුදල් කාරක සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබා දුන් නිර්දේශ ද හර්ෂද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ඒ අනුව මෙම ටෙන්ඩරය මේ වන විට අවලංගු කර තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ මෙම නිලධාරින්ට අවම වශයෙන් වසරක කාලයක් යනතුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියකට සහභාගී කර නොගන්නා ලෙස නිර්දේශ කරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සහභාගී වූ නිලධාරින්ටද ඇහුම්කන් නොදුන්නහොත් එය එම නිලධාරින්ට සිදුකරන අසාධාරණයක් බවයි.
අභියෝගාත්මක අවස්ථාවක මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සහභාගී වූ නිලධාරින්ටද ඇහුම්කන් දෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. මුදල් කාරක සභාව විසින් කඩිනමින් එම වාර්තාව එළි දැක්වීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය.