සමස්ත ලාංකීය සිසු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවා අහාර ලබා දීමේ වැඩසටහනට අතිරේකව තවත් බිලියන 4 ක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මේ වන විට පාසල් 7 926 ක මිලියන 1.8 ක් පමණ වන සිසුන් ඉලක්ක කර ගනිමින් රජය විසින් දිවා ආහාර ලබා දීමේවැඩසටහන ක්‍රියාත්මක කෙරෙන නමුත් තවත් මිලියන 1.8 ක සිසුන් වෙනුවෙන් දිවා අහාරය ලබා දීම වෙනුවෙන් මෙම අතිරේකව ලබා දීමට නියමිත රුපියල් බිලියන 4 වෙන් කෙරී ඇති බව හෙතෙම පැවසිය.
මෙමඟින් සමස්ත සිසුන්ගෙන් 51% කට ආහාර සුරක්ෂිතතාවය ඇතිවන බවත්, ග්‍රාමීයව අඩු දියුණු පාසල් වල සිසුදරුවන්ටත් අවශ්‍ය පෝෂණ මට්ටම් රැක ගැනීමට මෙමඟින් හැකිවනු බවත් හෙතෙම කියා සිටින ලදුව මේ සඳහා යුනිසෙෆ් ආයතනය, ලෝක බැංකුව, චීන ආණ්ඩුව සහ වෙනත් පුද්ගලික ආයතන වලින් මේ සඳහා ආධාර උපකාර ලැබී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෙරට කිසිඳු පුරවැසියෙකු ආහාර නොමැතිකම හේතුවෙන් කුසගින්නේ නොතිබිය යුතුය යන රජයේ මූලික අරමුණ සාක්ෂාත් කර ගනු වස් ඉලක්ක කර ගත් වැඩසටහන් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, මේ සඳහා මෙරට දිළිඳු කම හා පෝෂණය පිළිබඳව දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගෙන ඇති දත්ත පදනම් කර ගෙන අවශ්‍ය අරමුදල් හා විදේශ ප්‍රදාන සපයාගනිමින් දැනට ක්‍රියාත්මක වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ වන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.