පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේදී ජාතික මට්ටමින් ආර්ථික පුනර්ජීව කමිටු පිහිටුවනවා- ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 04, 2022

    ඉදිරියේදී ජාතික මට්ටමින් ආර්ථික පුනර්ජීව කමිටු සකසන බවත් , ග්‍රාමසේවා වසම් 14022ක මෙම ආර්ථික පුනර්ජීව ග්‍රාමීය කමිටු පිහිටුවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පක්ෂ භේදයක් නොමැතිව ප්‍දේශියසභා මන්ත්‍රීවරු , එම ප්‍රදේශයේ ප්‍රභූන් අතුළු සියළු විද්වතුන් සම්බන්ධ කර ගනිමින් මෙම කමිටු ක්‍රියාත්මක කර ජනතාව පැත්තෙන් සිදුවිය යුතු සුභසාධන කටයුතු සහ සංවර්ධන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මාස හය ඇතුළත ක්‍රමානුකූලව මෙම සහන ජනතාවට ලබා දෙන බවද කීය. ආහාර උද්ධමනය අඩු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන බවත් ඒ වෙනුවෙන් අදාළ වැඩපිළිවෙල මුදල් අමාතයංශය ගෙන යන බවද කීය.

    ''මීට මාස දෙක තුනකට කලින් දැවැන්ත අර්බුධ ගණනාවකට මුහුණ දුන්නා.ගෑස්, ඉන්ධන ගෙන්වා ගන්න බැරිව විශාල අර්බුධ ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. අද වන විට ක්‍රමානුකූලව ලැබිය යුතු සහණ ජනතාවට ලබා දෙනවා. උදාහරණයක් ලෙස ත්‍රීවිල් රියදුරන් සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා.හෙට අනිද්දා වෙද්දි ගෑස් තවත් අඩු වෙනවා.නැවත වතාවක් ගෑස් අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරගෙන යන'' බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya