පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර

    ඔක්තෝබර් 05, 2022

    සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී   (04) සිදු කෙරිණි.

    සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට භාරදීම සිදු විය.


    ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතය. සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව කටයුතු කළ සමයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට පිරිවෙන් සඳහා ආධාර උපකාර කිරීමට අවස්ථාවක් දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව අද දින එම අවස්ථාව උදා විය.


    සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරදෙටියාන ගුණරතන හිමියන්, පූජ්‍ය මහමෙව්නාවේ මංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර සිංගප්පූරුවේ නියෝජිතයන් කිහිප දෙනෙක් සහ ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya