පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබාදෙනවා

    ඔක්තෝබර් 05, 2022

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාලයට අවශ්‍ය සහය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් අතුරුදහන්වීම සහ ශ්‍රාස්ත්‍රපීඨයේ පීඨාදිපතිවරයාට සිදු කරන ලද මරණ තර්ජන සම්බන්ධයෙන් ආන්දොලනාත්මක ලෙස පුවත්පත් වල වාර්තා වී තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එක් ශිෂ්‍යයෙක් දිය ගිලී මිය ගොස් තිබුණ බව වාර්තා වුණා. තවත් ශිෂ්‍යයෙක් ඊයේ අතුරුදහන්වෙලා කියා වාර්තා වී තිබුණා.ඉතිහාසයේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල විවිධ ඛේදවාචක සිදුවුණා

    අද වන විට විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2019 පසු වැඩිපුර සිසුන් 10,000 බඳවා ගත්තා . අද වන විට අධ්‍යාපන අවස්ථා පුළුල් කරගෙන යනවා.

    අධ්‍යාපනය අතින් අපි ඉන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් ඇතුලේ. රජය විදෙස් විශ්ව විද්‍යාල සමග එක්වෙමින් තව තව අධ්‍යාපන අවස්ථා පුළුල් කරගනිමින් සිටිනවා.

    රජයේ විශ්ව විද්‍යාල 17 තුළ ආචාර්ය මහාචාර්යවරුන්ට ඒ සඳහා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. නමුත් ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුව තිබෙන නිසා ඒ පිළිබඳ පරික්ෂණ සිදු කරනවා.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya