පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධින් සහ ශ්‍රාස්තපීඨයේ පීඨාධිපතිවරයාට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ප්‍රශ්න තිබෙනවා, වුවත් විශ්ව විද්‍යාල තුළ ප්‍රචන්ඩත්වයට ඉඩක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මට අද ටෙක්ස් මැසේජස් 800ට වැඩිය ලැබී තිබෙනවා. දෙමව්පියන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන් බුද්ධි මණඩපයකට මිස දේශපාලන මණ්ඩපයකට යවන්න එපා කියා. කරුණාකර අපේ අනාගතය දේශපාලනයෙන් ගිනි තියන්න එපා. විශ්ව විද්‍යාල තුළ සිටින 145,000ක් ශිෂ්‍ය ශිෂ්‍යවන් අතුරින් 01%ක් වැනි සුළු පිරිසක් අන් සිසුන්ගේ මානව අයිතින් කඩවන ලෙස හැසිරෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.