මේ සඳහා අනුමතිය හිමි වූයේ විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙම ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ප්‍රතිපාදන සලසා දීම සිදු වේ.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ එම්. එස්. තවුෆික් සහභාගී විය.