එමෙන්ම දේශපාලන රැස්වීම් වලට තම දරුවන් රැගෙන යන බවට විශ්ව විද්‍යාල දරුවන්ගේ දෙමව්පියන් විසින් තමන් වෙතද විවිධ පැමිණිලි සිදුකර ඇති බවත් නවක වදය හා බැදි ඇති මෙම සිදුවීම් සියල්ලම නියාමනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ මේවනවිට ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසිය.
විශ්ව විද්‍යාලවල දරුවන් සිටින කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මව්පියන් කිහිප දෙනෙකු මට ඊයේ දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඒ අය කියන්නේ විශ්ව විද්‍යාලවල සිටින තම දරුවන්ගේ ආරක්ෂාව සලසන ලෙසයි.ඒ නිසා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙන්ම උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මම ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය දැවැන්ත ඛේදවාචකයක්. දුප්පත් දෙමව්පියන්ගේ දරුවො තමයි නිදහස් අධ්‍යාපනය තුළින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන්නේ. ඒ අයට නවක වදය විශාල පීඩනයක්. ඒ වගේම දේශපාලන රැස්වීම් වලට මේ අය බලෙන් අරන් යනව කියලා දෙමව්පියො අඩ අඩා කතා කරනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒ වගේම මේ වෙනකොට කුලපතිවරුන්ටත් විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා.අහිංසක දරුවො මිය යනවා. එක දරුවෙක් දියේ ගිලි මැරුණා. තව දරුවෙක් මේ වෙනකොටත් අතුරුදන්. දරුවන්ට මේ පීඩනය දරා ගන්න බැහැ.ඒ නිසා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර විශ්ව විද්‍යාල පද්ධතිය නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ඇතිකරන ලෙස ඉල්ලා සිටිනවා. විශ්ව විද්‍යාල දරුවන්ට විශ්ව විද්‍යාල පද්ධතිය තුළදි අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතුයි.