මේ අනුව වත්මන දැඩි අභියෝගාත්මක වුවද ඒ සඳහා මුහුණ දීමට ඉහළ චිත්ත ධෛර්යයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවැතෘ (Eric Lavertu) මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
වසර 04 ක සේවා කාලයෙන් පසු මෙරටින් නික්ම යන ප්‍රංශ තානාපතිවරයා ඊට පෙර නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, (04) එම අමාත්‍යංශයේ දී හමු විය. එය සංකේතවත් කරමින් තානාපතිවරයා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ තොගයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මෙහි දී ප්‍රදානය කළේය.
ලොව පුරා සිටින සියලු මිතුරු රටවල් හැකි උපරිමයෙන් කොවිඩ් ව්‍යසනයේදී සහයෝගය ලබාදුන් බවත් වත්මන් අභියෝගයන් ජය ගැනීම සඳහා ද එම රටවල් ප්‍රශස්ත සහයෝගයක් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. රටක් ලෙස ශ්‍රී ලංකාවට නැගී සිටීමට චිත්ත ධෛර්යද අත්‍යවශ්‍ය මානුෂීය ආධාරද සපයමින් ඔවුන් එම සහයෝගය ලබාදුන් බවත් එනිසා එම මිත්‍රශීලී රටවල්හි සහයෝගය අන් කවරදාටත් වඩා අතිශය වැදගත් බවත් රඹුක්වැල්ල මහතා කීය. විශේෂයෙන් රුසියානු යුක්රේන යුදමය තත්ත්වය පැවතිය ද යුරෝපානු රටවල් රැසක සහයෝගය හිමි වූයේ යැයි ද අමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රංශ තානාපති එරික් ලැවැතෘ (Eric Lavertu) මහතා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බවද ඒ තුළ ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ලබාගත හැකි වූ බවද පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ණය වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවට ඉලක්කගත ජයග්‍රහණ ලබාගත හැකි යැයිද තානාපති වරයා කීය.
විශේෂයෙන් රටක් මුහුණ දෙන අපහසු වකවානුවක ඒ වෙනුවෙන් සහයෝගය ලබා ලබාදීම මිත්‍ර රටවල යුතුකමක් යැයිද එම සහයෝගය ඔස්සේ ජයග්‍රහණයක් ලබා ගැනීම වැදගත් යැයි ද හෙතෙම කීය. ඇමෙරිකාව වැනි ඉහළ ආර්ථික තත්ත්වයක් පවතින රටවල් වුවද කොවිඩ් ව්‍යසනයේදී කඩා
වැටණු බවත් ඒ තුළ එම රටවල ආර්ථිකය ද කඩා වැටුණු බවත් එහෙත් එම ව්‍යසනයට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දුන් බවත් ඒ තුළ ජයග්‍රහණ රැසක් අත්කරගත් බවත් ප්‍රංශ තානාපතිවරයා වැඩිදුරටත් කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමාත්‍යාංශයේ ජනක චන්ද්‍රගුප්ත ,සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධිකාරක (කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුද සහභාගි වී සිටියහ.