ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීම සිදු වූයේ එදිනයි. ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනි දා ය. ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 6 වැනිදා වීම ඊට හේතුවයි.
ගුරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතයි.
ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.
සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.