ඔහු මේ බව කියා සිටියේ, (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
පසුලිය කාල පරිච්ඡේදයේ අන් කවරදාකටත් වඩා පෝෂණය පිළිබද විශේෂයෙන් කතාබහ කරන තත්ත්වයක් දුටු බවද, එම තත්ත්වය හමුවේ මෙරට සියලු ජනතාවගේ අවධානය ඒ පිළිබදව යොමුවීම සම්බන්ධයෙන් සතුටු වන බවද කියා සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, මෙම හදිසි පෝෂණ සැලැස්ම ජාතික, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමෙන් යාන්ත්‍රණයක් දක්වා ක්‍රියාවට නැංවීමට හැකිවූ බවද සදහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය මෙම හදිසි පෝෂණ සැලැස්මේ පවතින පියවරයන්ට අමතරව සෑම වසරකම පෝෂණ මාසය නම්කර මෙරට ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් යම් යම් නිර්ණායකයන් සහ දත්ත ලබාගැනීමට කටයුතු කරන බවද පැවසුවේය.
මෙහිදී ළමා පෝෂණය සහ මාතෘ පෝෂණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ බවද, අපගේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ජනතාවගෙන් 90%ක් ආවරණය කරගනිමින් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.
මෙම පවතින ආර්ථික අර්බුදය හමුවේ පුද්ගල මෙන්ම ප්‍රජා පෝෂණය යහපත්ව පවත්වාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙම වසරේ ඔක්තෝබර් මාසය ජාතික පේෂණ මාසය ලෙස ප්‍රකාශයට පත් කළ බවද වැඩසටහන් ගණනාවක් මෙම මාසය තුළදී ක්‍රියාවට නංවන බවද කියා සිටියේය.
හදිසි පෝෂණ සැලැස්ම 2022 – 2024 ලෙස සකස් කර ඇතැයිද, ජනාධිපති කාර්යාලයත් මේ පිළිබදව දැනුවත් කරමින් ජනාධිපතිතුමන්ගේ විශේෂ අවධානයට එය යොමු කරමින් ඉදිරි වැඩකටයුතු සංවිධානය කිරීමටත්, ආහාර සුරක්ෂිතතාවය රැකගැනීමටත් කෙටි කාලීන සහ මධ්‍යකාලීන වැඩසටහන් සැලසුම් සහගතව සංවිධානය කර ඇතැයිද සදහන් කළේය.