ජනාධිපතිවරයා අද (06 ) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ණය දෙන රටවල් සමග හැකි ඉක්මනින් ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ආර්ථිකය නගා සිටිවීම සඳහා ජාත්‍යන්තරයෙන් ලබා දෙන සහයෝග සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයාශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීමට සහය ලබා දෙන බව ජපානය සඳහන් කළ බවත් ණය ප්‍රතිව්‍යහගත කිරීමේ වැඩපිළිවෙළේ මැදිහත් කරුවකු ලෙස කටයුතු කිරීමට ජපානය එකග වූ බව ද ජනාධිපතිවරයා කීය.
ජපානය සමග පැවති හොඳ හිත නැවත ගොඩ නගා ගැනීමට සහ පලුදු වූ මිත්‍රත්වය නැවත ගොඩ නැගීමට රජය කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාවට නංවීමට හැකියාව ලැබී නැති අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් එයින් රටට ලැබෙන වාසිය අති විශාල බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එමෙන්ම අග්නිදිග ආසිය සමග ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමට ද මෙම ගිවිසුම හේතුවන බව ජනාධිපතිවරයා පැවසීය.විවිධ උපායමාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපරය යළි ගොඩ නැගීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
කඩා වැටුණු ආර්ථිකය යළ ිඔසවා තැබීමේදී මුහුණ දෙන අභියෝග කිහිපයක් පෙන්වා දුන් ජනාධිපතිවරයා පසුගිය වසර දෙක තුළ 2013 මෙන් 13ගුණයක් මුදල් අච්චු ගසා ඇතැයිද කීය.
පසුගිය දශක වලදී රාජ්‍ය ආයතනවල ලැබූ පාඩුව ජනතාව පිට පැටවුණු බවත් මෙම බර තව දුරටත් ජනතාව පිට පැටවිය නොහැකි බවත් එබැවින් මෙම ආයතන ප්‍රතිව්‍යහගත කර ජනතාවට බරක් නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කීය.
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා යහපත් පරිදි පවත්වාගෙන යාමට නම් බදු මුදල් ඉහළ දැමිය යුතු බවත් මුදල් අච්චු ගැසීම විසඳුම නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මහ කන්නය සාර්ථක වුණහම විශාල ආර්ථික ශක්තියක් ලැබෙන බවද කීය. සංචාරක ව්‍යාපාරය සීඝ්‍රයෙන් දියුණු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.පාලනය කළ නොහැකී ගෝලීය ප්‍රවණතාවන්ට මුහුණ දීමට සිදු වන බවත් ඉන්ධන මිල එවැනි ගැටළුවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.