22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
ප්‍රජාත්‍රන්තවාදී පැවැත්ම සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් මෙම ඇස් ඇර,මොළය පාවිච්චි කර මෙම අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්නැයිද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටක් ගැන සිතමින් රට වෙනුවෙන් ගෙනා සංශෝධනයක් මිස පක්ෂයක් ගැන හෝ කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගෙනා සංශෝධනයක් නොවන බවද අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේය..
මන්ත්‍රීවරුන්ට පාරේ යන්න බැරි කාලයක් උදා කරන කාලයක් නැවත උදා නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
රටේ ජනතාවගේ හදගැස්ම පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව මෙම ආණ්ඩුක්‍රම සංශෝධන පනත සකස් කළ බවත් එසේ නැතිව ජ්‍යත්‍යන්තරයෙන් එන බලපෑම අවම කර ගැනීම සඳහා මෙම පනත සකස් කර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ සියළු දේශපාලන පක්ෂ සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡාකමින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකස් කළ බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ නායකයින් 43 දෙනෙකු සහභාගී වූ සාකච්ඡා වට 04ක් පැවැත් වූ බවත් ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් මෙම අවසාන කෙටුම්පත සකස් කර තිබේ. එම කණ්ඩායම් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු එකග වූ කරුණු මෙම පනතට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමතවිචාරණයකින් තොරව 3/2 මෙම පනත සම්මථ කර ගැනීම සඳහා කළ යුතු සංශෝධන 05ක් ඉදිරිපත් කර ඇත බවත් එම සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනෙන බවද අමාත්‍යවරයා කීය.