මාස ගණනක් වැසී තිබුණු ඉන්ධන පිරිපහදුව නැවත විවෘත කිරීම සඳහා මැදිහත් වූ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වූ රජයේ නිලධාරින් වෙනුවෙන් තමා සෑම විටම තමා පෙනී සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද යම් අවධානමක් ගෙන,මේ රටට ඉන්ධන සැපයීමට එකඟග වූ සමාගම් වලට ස්තුතිය පුදකරන බවද කීය.
අද වන විට ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු වී තිබෙන බවත්, දින 05 සිට පැවති ඉන්ධන පෝලිම් අවසන් වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් යම් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් නැවතත් ඉන්ධන පෝලිම් ඇති නොකරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය .