මෙරට තුළ විවිධ ආකාරයෙන් සමාජ ශුභසාධක ආධාර ලබා ගන්නා ප්‍රජාවන් මෙරට දැනටමත් සිටින අතර සුභසාධක ආධාර ලබා දීමේ පොරොත්තු ලේඛනයේ දැනටමත් 867,606 ක් සිටින අතර පොරොත්තු ලේඛන වල සිටින අයටත් ශුභසාධන ලැබීම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇතිව තිබෙන අතර ඔවුන්ටත් මෙම ප්‍රතිලාභ ලැබීමට හැකි වන ආකාරයෙන් රජය කටයුතු කිරීමට වග බලා ගන්නා බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, ශුභසාධන ලැබීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් හැකි ඉකමණින් සකස් කර ඊට ශුභසාධන ලැබෙන සහ බලාපොරොත්තු වෙන සුදුසු/නිවැරදි පුද්ගලයින් එනම් රජයෙන් ලබා දෙන සුභසාධන ලැබීමට සුදුසු කිසිවෙකුත් මඟ නොහැරෙන පරිදි එක් කර ගැනීම සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා තොරතුරු ලබා ගැනීමට දැනටමත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති අතර මෙම දත්ත පද්ධතිය සකස් කිරීම සඳහා ඇතුළත් කර ගැනීමේ අරමුණින් සුභසාධක ලැබීමේ හා ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචි කරගැනීමට දැනටමත් ඉල්ලුම් පත්‍ර කැඳවා ඇති අතර එම අයදුම් කිරීමේ දිනය ඔක්තෝබර් දක්වා දීර්ඝ කර ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව රජය විසින් සිදු කරන බව හෙතෙම පවසන ලදුව ජනතාව ද නිවැරදි තොරතුරු දත්ත පද්ධතිය වෙත ලබා දීමට කාරුණික වන ලෙසත්, එමඟින් වඩාත් විනිවිදභාවයකින් යුතු ව නිවැරදිව මෙම කර්තව්‍ය සිදු කළ හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.