මාසික මූල්‍ය ප්‍රතිපත්ති තීරණ දැනුම් දීම සඳහා අද (06) මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකුව ඉදිරිපත් කරන මහ බැංකු මාසික මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව මගින් මේ බව සඳහන් විය
එම වාර්තාව තවදුරටත් තහවුරු කරන්නේ, මේ වන විට උද්ධමනය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මෙම වත්මන් තත්වය ඇති වී තිබෙන බවත්, ඒ හේතුවෙන් ප්‍රතිපත්තිමය
පොලී අනුපාතය වැඩි කිරීමට අවශ්‍ය නොවන බවත්ය.
එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, දැනට තිබෙන ප්‍රතිපත්තිමය පොලී අනුපාතය උද්ධමනය පාලනය කෙරෙහි ප්‍රමාණවත් බවයි.
පවත්නා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ණය පොලී අනුපාතිකය වැඩිවුවද බැංකු මගින් ලබාදෙන කෙටි කාලීන ණය ලබාදීම් 20%කින් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව එය 26%ක පමණ මට්ටමේ පවතින බවත්, මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.
එමෙන්ම මේ වන විට පවතින තත්වය සමඟ සංසරණය වන මුදල් බැංකු වෙත ලැබීම ඉහළයාමක් දක්නට ලැබෙන බවත්, පුළුල් මුදල් සැපයුම වර්ධනයේ අඩුවීමක් තිබෙන බවත්, එම වාර්ථාව මගින් තවදුරටත් තහවුරු කරයි.
මහ බැංකුව විසින් රාජ්‍ය අයවැය මූලනය කිරීමේ අවශ්‍යතාව ක්‍රමයෙන් අඩුවනු ඇති බව අපේක්ෂා කරන බවත්, ඒ සඳහා රජයේ බදු ඉහළ දැමීම මෙන්ම රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යාපාරවල අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ද ඉවහල් වනු ඇති බවත්, මහ බැංකුවේ මාසික මූල්‍ය ප්‍රතිපත්ති වාර්ථාව පෙන්වා දෙයි. මෙම සාධනීය වෙනස්කම් සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේ තහනමද බලපෑ බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.