පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    තවත් ශ්‍රි ලාංකිකයින් 110ක් කොරියානු රැකියා සඳහා පිටත් වෙයි

    ඔක්තෝබර් 07, 2022

    කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු දින UL 470 දරණ ගුවන්යානයෙන් දකුණු කොරියාව බලා පිටව යන ලදී. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව ගිය 739 වන කණ්ඩායමයි.

    2022 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

    නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2794 දෙනෙකු, ධීවර රැකියා සඳහා 724 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 49 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා දෙදෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හා දකුණු කොරියානු රජයේ නියෝජිතයින් අතර පසුගිය සමයේ පැවති සාකච්ඡාවලදී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. එහි ප්‍රථිඵලයක් ලෙස කඩිනමින් රැකියා ගිවිසුම් අත්සන් කර ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවට පිටත්කිරිමට කටයුතු කරමින් පවතී.

    ශ්‍රි ලංකාව හා දකුණු කොරියාව අතර අත්සන් කෙරුණු රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම අනුව කොරියානු රැකියා සඳහා පුද්ගලයින් ගෙන්වා ගැනීම දකුණු කොරියාව විසින් සිදුකරන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාල ගිවිසුම් ලැබීමෙන් අනතුරුව රැකියා ලාභීන් යොමුකිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya