පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    වසර සියක් පැරණි “වරාගොඩ සෙරමික් හා රතු මැටි මධ්‍යස්ථානය” නැවතත් ජනතා අයිතියට

    ඔක්තෝබර් 07, 2022

    “ශ්‍රී ලාංකේය සන්නාමයට ලෝකයේ විශාල ඉඩක් තිබෙනවා. එය අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්න පුළුවන් ” - අමාත්‍ය රමේෂ් පතිරණ

    “ග්‍රාමීය සම්පත් නිවැරදිව හඳුනා ගත හොත් රටට විදේශ විනිමය ගෙන්වීම පහසු කාර්යයක්''- රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

    ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය සන්නාමයට විශාල ඉඩක් පවතින බවත් ආරක්ෂණ ක්‍රමවේදයන් සහිත දේශීය කර්මාන්ත නගා සිටුවීමෙන් අපනයන ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවත්, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාවේ වරාගොඩ සෙරමික් හා රතුමැටි සේවා මධ්‍යස්ථාන විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කැළණිය වරාගොඩ පිහිටි සෙරමික් හා රතුමැටි සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවය පැවැත්විණ.

    වසර සියයකට වඩා පැරණි මෙම සෙරමික් මධ්‍යස්ථානය දශක කිහිපයක් පුරා ගරා වැටී පැවතිණ. අතීතයේ මැටි ඉස්කෝලය ලෙස ප්‍රකට පැවතිව මෙම මධ්‍යස්ථාන තුළින් මැටි කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසකට පුහුණුව සැළසිණ. පසුව වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම සෙරමික් පුහුණු ආයතන ලෙස ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයට විෂානුබද්ධ විශාල මෙහෙවරක් සිදු කෙරිණ. අඩපණව පැවැති මෙම මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත් වීමෙන් ජාතික ශිල්ප සභාව මගින් නවීකරණය කොට පුහුණුව සහ නිෂ්පාදන නැවත ආරම්භ කිරීම අද සිදුවිය. ක්ෂේත්‍රයේ නියැලෙන්නට කෙටි කාලීන සහ දිගු කාලීන පාඨමාලා හැදැරීමේ අවස්ථාව මෙමගින් හිමි වේ.
    විවෘත ආර්ථිකය සමග පරිහානියට පත් වූ දේශීය කර්මාන්ත නැවත පණ ගැන්වීමට හරි දේ අප්‍රමාදීව සිදු කළ යුතු බවත් ඉන් අපනයන වෙළෙඳපොළ සමග තරග කිරීමට දේශීය කර්මාන්තකරුවාට ඇති අවස්ථා පුළුල් කෙරෙන බවත් , ආනයන ආදේශන කර්මාන්ත ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

    එහිදී අදහස් දක්වමින් ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ග්‍රාමීය සම්පත් නිවැරදිව හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීමෙන් ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අභියෝගය ජය ගැනීමට හැකි වන බවයි. උපාධිධාරියාගේ මාසික වැටුප රුපියල් තිස් හතලිස් දහසකට සීමා වන බවත්, නිවසේ දූ දරුවන්ගේ වැඩ කටයුතු කරමින් කර්මාන්තයක නියැලෙන කාන්තාවට හෝ පිරිමියෙකුට ඊට වඩා දෙතුන් ගුණයක මුදලක් උපයා ගැනීමට අවස්ථාව ඇති බව පෙන්වා දුන්නේය. දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවරා ඇති වගකීම නිසි ආකාරව ඉටු කරමින්, ශ්‍රී ලංකාවේ අභිමානයත් ලෝකයට පෙන්වා දෙමින් දේශීය ආර්ථිකයෙන් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීමට තමා සුදානම් බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා වර්තමානයේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් දෙසියවිසිපහ දෝෂ දර්ශනයට ලක් වීමට රාජ්‍ය ආයතනවල අඩු ඵලදායීතාව ද හේතු වී ඇති බව ද කියා සිටියේය.

    මීට සමගාමීව “ලක් ශිල්ප” ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ද සිදු කෙරිණ. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්වරුන් ද සභාව ඇමතීය.

    කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ති කුමුදුනි මෙනෙවිය ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීන් හා ප්‍රාදේශීය නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya