දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, ගම්පහ දිස්තික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගම්පහ මහා නගර සභාව, ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර එමගින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ආයුර්වේද නිෂ්පාදන අලෙවිය, මිලදී ගැනීම, ඖෂධ පැළෑටි විකිණීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර, ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන, පංචකර්ම සම්භාහන ප්‍රතිකාර ඇතුළු දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගනු ලබන ප්‍රදේශයක් බවට මෙම ප්‍රදේශය පත් කිරීමට නියමිතය.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා,
දේශීය වෛද්‍ය ක්‍රමයේ කේන්ද්‍රීය ස්ථානය වන ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය, ආයුර්වේද රෝහල, සිද්ධායුර්වේද ඖෂධ අලෙවි මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආයුර්වේද කලාපයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මෙම ප්‍රදේශය තුළදී දේශීය වෛද්‍ය ක්‍රමයට අදාල සියලු අංශයන් ඇතුළත් කරනු ලබනවා. ඖෂධ අලෙවිය, මිලදී ගැනීම, ඖෂධ පැළෑටි විකිණීම, වෛද්‍ය ප්‍රතිකාර සහ සම්භාහන විධි ක්‍රම ආදී සියලු අංශයන් පිරි කලාපයක් බවට පත් කරනවා. මෙම ප්‍රදේශය කජු වලට කජුගම මෙන් ඉදිරියේදී ආයුර්වේද කලාපයක් ලෙස ජනතාව අතර ජනප්‍රිය වේවි. ආයුර්වේදය පිළිබද උනන්දුවක් දක්වන ජනතාවට මෙය වඩාත් ඵලදායී වේවි.
මෙම සාකච්ඡාව සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි සාගලා අබේවික්‍රම ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.