පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි

    ඔක්තෝබර් 07, 2022

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය.

    ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම (06) පැවති අවස්ථවේදීය.

    එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ස්ථිර කරන ලදී.

    එසේම කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර ගරු එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 07ක් ලැබිණි.

    කොප් කමිටුවේ සමාජිකයන් වෙත අදහස් දක්වමින් නව කෝප් සභාපතිවරයා සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මූලික කාර්යයක් වන්නේ රාජ්‍ය ව්‍යවසායන් යාවත්කාලීන කරන්නේ කෙසේද යන්න සලකා බැලීම බවයි. කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා සියළු සාමාජිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසීය. ඒ අනුව මෙතෙක් රජයේ මුදල් කාරක සභව විසින් සලකා බලන ලද ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සහ

    මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය පිළිබඳ මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ විමසීමට අදහස් කරන බවද සභාපතිවරයා පැවසීය.

    මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, නිමල් ලන්සා, එස්.එම්.එම්. මුෂාරෆ්, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, රෝහිණි කුමාරී විජේරත්න, සන්ජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ශානක්කියන් රාජපුත්තිරන් රාසමානික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya