පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ''රාජ්‍ය සන්නවේදන යාන්ත්‍රණය තුළ මාධ්‍ය ලේකම්වරුන්ගේ භුමිකාව'' එක්දින වැඩමුළුව සාර්ථකව අවසන්

    ඔක්තෝබර් 07, 2022

    මාධ්‍ය ලේකම්වරුන්ට ප්‍රමුඛ කාර්යභාර්යක් තියෙනවා- ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

    මාධ්‍ය ලේකවරයා දකින්නේ ආණ්ඩුවක් ලෙසයි- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ජනගත කරන රාජ්‍ය සන්නවේදන යාන්ත්‍රණය තුළ මාධ්‍ය ලේකම්වරුන්ගේ භුමිකාව එක්දින වැඩමුළුව අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති විණි.අද පැවැති සමාරම්භක වැඩමුළුව සාර්ථකව අවසන් විය

    මෙහි සමාරම්භක අවස්ථාව සඳහා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා,  ජනාධිපති ජ්‍යේෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා , ජනාධිපති මාධ‍්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

    මෙහිදි අදහස් දැක්වු , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පැවසූවේ, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තනතුරු වල ඉදලා අපිට බැබළෙන්න බැ. තනතුරුවල ඉන්න කාලේ අපි රට වෙනුවෙන් ඉෂ්ඨ කළ යුතු සියල්ල ඉටු කළ යුතුයි.රටක ආණ්ඩුවක් පත් කරලා තියෙනවා මහජනතාව විසින්.අපේ අවශ්‍යතාවය රජයේ නිලධාරින් විදියට මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනිමයි.එහෙම කරන්න බැරි නම් අපි
    මේ වේදිකාවෙන් බැහැලා යන්න ඕන, වෙන අයට දිලා ඒක තමයි මගේ සිතුවිල්ල. අපි ඉන්න තාක්කල් පවතින රජයට ආරක්ෂා කළ යුතුයි.මේ රට තුළ පහුගිය කාලය තුළ බරපතල ආර්ථික හා සමාජියය අර්බුදයක් තියෙනවා.ඒක අපි පිළ ගන්න ඕන .ඒ අර්බුදයේ උච්චම අවස්ථාවට පසුගිය ජුනි වලදි මේ රට පැමිණියා.පාර්ලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා. එතුමා මේ තියෙන තත්ත්වය
    යම්තාක් දුරට සමනය කරගෙන යම් කිසි ගමනක් යනවා.අපි සියලුම දෙනා එකතුවෙලා මේ ජනාධිපතිතුමාට උදව් කරන්න ඕන.එහෙම නැත්නම් මේ ගමන සියලු දෙනාටම අසිරුයි.

    විශේෂයෙන් මාධ්‍ය ලේකම්වරුන්ට ප්‍රමුඛ කාර්යභාර්යයක් තියෙනවා.අද ප්‍රශ්නයට හෙට උත්තර දිලා වැඩක් නැ.ඒ නිසා හැමවිටම යම් කිසි ගැටලුවක්, චෝදනාවක් ඉදිරිපත් කළොත් අමාත්‍යාංශයකට , ඇමතිවරයෙක්ට හෝ ආණ්ඩුවට කඩිනමින්  ලබා දිය යුතු වෙනවා. පිළිතුරු ප්‍රමාද කරන්න කරන්න එකම බොරුව වුනත් ඒක ඇත්ත වෙනවා.මිනිස්සු එක පිළිගන්නවා.ඒ තත්වය වළක්වන එක මාධ්‍ය ලේකම්වරුන්ට ප්‍රමුඛ කාර්යය භාර්යයක් .මේ රටට ඇත්ත හෙළිදරව් කිරිම ඔබේ වගකිමයි.

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා ද අඳහස් දැක්විය

    රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව කියන එක රජය කියන එක අර්ථ දැක්වුවත්,ජනාධිපතිවරයා මොන විදියට කිව්වත්,විෂයභාර කැබිනට් ඇමතිවරයා මොනවා කිව්වත්,ආණ්ඩුව ලෙසින් මම අර්ථ දක්වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට මම අර්ථ දක්වන්නේ මේ මාධ්‍ය ලේකම්වරුන් බවයි.මාධ්‍ය ලේකම්වරුන්ට පුලුවන් ආණ්ඩුවක් තියෙනවද කියලා පෙන්වන්නත්,ඒ අයටම පුලුවන් ආණ්ඩුවක් නැති ගානයි කියලත් පෙන්වන්න.සමහර අමාත්‍යාංශ අපි දකිනවා ඒවා තියෙනවා ,“ඇත” හිරේ තියෙනවා වගේ.පණ නැති ගාණයි.සමහර අමාත්‍යාංශ ක්‍රියාත්මකයි වැඩ කරනවා.මට අවශ්‍ය කරන්නේ මේ අමාත්‍යංශ සියල්ල ක්‍රියාත්මකයි කියන තත්ත්වයට පත් කරන්නයි.ඒකේ වගකිම තියෙන්නේ මාධ්‍ය ලෙකම්වරුන්ට බවයි.මාධ්‍ය ලෙකම්වරුන්ට තමයි දෙපාර්තමේන්තුවක්, අමාත්‍යාංශයක්,ආයතනයක් ජිවත් කරන්න පුලුවන් වෙන්නේ.ඒ නිසා මම ඔබ දකින්නේ ආණ්ඩුව ලෙසින් බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya