ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ජනගත කරන රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය තුළ මාධ්‍ය ලේකම් භූමිකාව සම්බන්ධයෙන් පැවති එක්දින වැඩමුළුවට පැමිණ අදහස් දක්වමිනි.
මාධ්‍ය ලේකම්වරුන් සහභාගී වූ මෙම වැඩමුළුව සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය ඉතාම සුවිශේෂී වූ අතර මෙවැනි වැඩමුළුවක් වෙනුවෙන් ජනාධිපතිවරයකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණි පළමු අවස්ථාව ද වෙයි. මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඓතිහාසික අවස්ථාවකි.
''අද විද්‍යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් නොව සමාජ මාධ්‍ය මගින් හොද සහ නරක යන දෙකම සම්ප්‍රේෂණය වන බවද, එය අපට පමණක් නොව මුළු ලෝකයේම පවතින ගැටලුවක් බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම අවස්ථාවේ දී මාධ්‍ය ලේකම්වරු නිවැරදිව වගකීම් ඉටුකළ යුතු බවද එම වගකීම් හරි ආකාරව ඉටු නොවුණහොත් මුළු රටටම තවත් අරගලයකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද, වැඩිදුරටත් කියා සිටියේය.
මෙහි විශාල වැඩසටහනක් පවතින බවද මාධ්‍යයට කරුණු පැහැදිලි කරන්නේ කෙසේද, වැරදි මත නිවැරදි කරන්නේ කෙසේ ද ,ආදී වශයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයාමට ඇතැයිද, ප්‍රචාරය නොමැතිව ව්‍යාපාරය සාර්ථක නොවන බවද ජනාධිපතිවරයා, අවධාරණය කළේය.
මේ අවස්ථාවට, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට,ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර,ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක,ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු මෙන් ම අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ නියෝජනය කරන මාධ්‍ය ලේකම්වරු එක්ව සිටියහ.