ඊයේ (06) පැවති මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 20ක් ඡන්දය ලබා දීම සම්බන්ධව මහාචාර්ය ජි.එල් පීරිස් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
විදෙස් රටවල් සමග අපේ මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. එම රටවල් කිසිවක් ශ්‍රී ලංකාව සමග ඇති වෙළෙඳ හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් අතතබා නැත.
නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා වන මොහාන් පීරිස් මහතා එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගිය 29 වැනිදා පත් කර තිබේ.ඔහු එම තනතුර සඳහා තෝරා ගෙන තීබීම ශ්‍රී ලංකාව රටක් වශයෙන් ලැබූ හොඳ ප්‍රගතියක්.
මානව හිමිකම් කොමිසම ඉදිරියේ අපේ රට මුහුණ දී ඇති අර්බුධය හිටපු විදේශ අමාත්‍යවරයා වශයෙන් ජී.එල් පීරිස් මහතා මනාව තේරුම් ගෙන ඇතැයිද අගමැතිවරයා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එල්.ටී.ටි සිරකරුවන් විශාල ප්‍රමාණයක් නිදහස් කළ බවත් ඉතිරි සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළි ප්‍රකාශයක් කර තිබෙන බවද කී අග්‍රාමාත්‍යවරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා එය ජිනීවාහිදී ඉදිරිපත් කළ බවද කීය.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා කෙටුම්පත සකස් කර බවද එය නීතියක් බවට පත් කිරීමේ අවසන් කරඉතා ඉක්මනින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අගමැතිවරයා කීය.