වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
සිතාමතා ඕනෑකමින් ඉතා ඉහළ වෛරයෙන්, ක්‍රෝධයකින් හා ද්වේශ සහගතව අමූලික අසත්‍ය අපහාසාත්මකව අගෞරවනීය අයුතු ආරෝපිත චෝදනා රැසක් නගමින් පැවැත්වූ කතාවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 උ වගන්තිය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝණය කොට ඇති බවද ගුණවර්ධන මහතා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එක්දාස් නවසිය අසූ නවයෙ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මහජන මන්ත්‍රීවරයෙක් ලෙස මෙම සභාවට තේරී පත් වූ මම පාලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමට කලින් සුප්‍රසිද්ධ ගුරුවරයෙක් ග්‍රන්ථ කර්තෘවරයෙක් සම්මානය සිනමා නිෂ්පාදකවරයෙක් වශයෙන් රටට ඵලදායි ජාතික මෙහෙවරක නිරත වූයෙමි.
1985 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට නිෂ්පාදකවරයාට හිමි සම්මානය මා විසින් හිමිකර ගත් අතර 1989 වර්ෂයේ දී නැවත වරක් ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට නිෂ්පාදකයාට හිමි සරසවි සම්මානය වකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අතින් දිනාගත් බව සඳහන් කරමින් ඒ අනුව සුද්දිලාගේ කතාව, සිරි මැදුර, අයෝමා යන චිත්‍රපටි 3 ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ සදාකාලික සිහිවටනයක් බවට පත්ව ඇති අතර මෙකී සම්භාව්‍ය සිනමා කෘතීන් දේශීය හා විදේශීය සිනමා උළෙලවල් වල දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබීය.
ඉක්බිති බොහෝ කලක් සිනමා නිර්මාණයක නිරත නොවූ මම පසුගිය රජය සමයේදී ප්‍රකට කලාකරු රිචඩ් ද සොයිසා ඝාතනය හා සම්බන්ධිත සිනමා නිර්මාණයකට උත්සාහ දැරූ නමුත් එය අතරමග නවතා දැමීමට සිදුවිය ඊට පසු මාගේ පූර්ණ පුරාණ ශිෂ්‍යයෙකු සම්මානිත කලාකරුවෙකු වූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සිනමා අධ්‍යක්ෂණයට කැඳවා ගනිමින් The News Paper චිත්‍රපටිය නිෂ්පාදනය කළ අතර එකී සිනමා නිර්මාණය සඳහා ඇමරිකාව එංගලන්තය ඉන්දියාව රුසියාව වැනි රටවල පැවැත්වූ අන්තර්ජාතික සිනමා උළෙලවලදී සම්මාන රැසක් දිනා ගනිමින් රටට විශාල ගෞරවයක් හා කීර්තියක් පමණක් නොව ඉතා කුඩා වුවද ඩොලර් ත්‍යාගයක් ද උපයා ගැනීමට හැකි විය.
මීට අමතරව මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා සහෝ සිනමා නිර්මාණයට ආර්තප්‍රතිත්වය දැක්වීමෙන් එකී සහෝ වෘත්තාන්ත සම්භාව්‍ය සිනමා කෘතියද ජාත්‍යන්තර ඇගයීම් වලට ලක්කරමින් තවම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය නොවුණි.
මෙවන් පසුබිමක් තුළහල සිනමාවට වැඩිම නාට්‍යකරුවන් පිරිසක් සිනමා අධ්‍යක්ෂකවරු වශයෙන් පත්කිරීමට අනූපමය දායකත්වයක් දැක්වූ නිරවුද අවිහිංසක ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන මට මෙම සභාව නියෝජනය කරන නවක මන්ත්‍රීවරයෙකු වන උද්දික ප්‍රේමරත්න මහතා විසින් මා පාර්ලිමේන්තුවේ රැඳී නොසිටි අවස්ථාවක සැප්තැම්බර් විසි දෙවැනි දින මෙම සභාව අමතමින් සිතාමතා ඕනෑකමින් ඉතා ඉහළ වෛරයකින් ක්‍රෝධයකින් හා ද්වේශ සහගතව අමූලික අසත්‍ය අපහාසාත්මකව අගෞරවනීය අයුතු ආරෝපිත චෝදනා රැසක් නගමින් පැවැත්වූ කතාවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 උ වගන්තිය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කොට ඇති බැවින් අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පූර්වාදර්ශයක් නොවන අයුරින් විභාගයක් පවත්වා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මෙම අපහාසාත්මක ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට කාරුණික වන ලෙස මෙයින් ඉල්ලා සිටිනවා.