රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ජනගත කරන රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය තුළ මාධ්‍ය ලේකම් භූමිකාව සම්බන්ධයෙන් අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එක්දින වැඩමුළුවට එක්වෙමිනි
ඊයේ (06) ජිනිවාවල අපිට එරෙහි යෝජනාවට ඡන්ද ලබා දුන්නා රටවල් 20ක්,රටවල් 47කින්. පක්ෂව ලබා දුන්නා රටවල් 07ක්. ඒවගේ මේ යොජනාවට පක්ෂව නොදුන්න රටවල් 20ක්. 47න් රටවල් 20යි
මෙයට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ. පක්ෂ නැතිව රටවල් 27ක් ඉන්නවා.අපේ රට අතර මංවෙලා ,තනිවෙලා, කොන්වෙලා නැ.අපිත් එක්ක රටවල් 47න් රටවල් 27ක්අපිට පක්ෂව හා සහයෝගිව දක්වමින්, කොලින්ම සහයෝගය දක්වමින්, එහෙම නැත්නම් වක්‍රව සහයෝගය දක්වමින්, ඔවුන්ට තියෙන විශේෂ ප්‍රශ්න නිසා භුගෝලිය දේශපාලනය නිසා, විවධ හේතූන් නිසා, ඔවුන්ගේ රටවල ආර්ථික කරුණු නිසා, දේශපාලන කරුණක් නිසා,ඒ කෙසේ වුවත් අපිට මේ රටවල් 47න් 27ක් ම අපිත් එක්ක ඉදිම අපි රටක් එක්ක ලබා ගන්න විශාල ජයග්‍රහණයක්.
මොකද මෙවැනි යෝජනා එන්නේ බෙදුම්වාදය පරාජයට පත්කරපු,ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරපු මානුෂිය මෙහෙයුම. ඒ තුළින් ඇති කර ගත්ත අනවබෝධ මත තාම මේවා ඇඳගෙන යන්නේ.ඉතින් ඒනිසා අපේ රණවිරුවෝ 58 දෙනෙකුට එරෙහිව ඒ හා සම්බන්ධ මේ එන මේ යෝජනාවට අපි රටක් හැටියට කොයි වෙලාවකටවත් අපිට සහය පළ කරන්න බැ.ඒ නිසා තමයි රජය හැටියට පැහැදිලිව ප්‍රකාශ කළේ, ඒ යෝජනාවට අපි විරුද්ධයි.
අපිට ස්වෛරිත්වයක් තියෙනවා.අපේ රටේ භෞමික අඛන්ඩතාවය, අපේ රටේ ජාතික ආරක්ෂාව ඒවෙනුවෙන් කැපවීමෙන් ,වගකිමෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ, අගමැතිතුමා ප්‍රමුඛ අපේ රටේ ආණ්ඩුවට තිබෙනවා.ඒ නිසා ඒ වගකිම අපි ඉටු කරන්න ඕන.මේ වෙලා මේ ආර්ථික වශයෙන් අරබුදයක ඉන්නේ කියලා.එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න තියෙනවා කියලා හෝ ඒවට යටත් වෙන්න අවශ්‍ය නැ.
ඒ නිසා මෙරටේ අවුරුදු 30 ක් ත්ස්සේ තිබු යුදමය තත්ත්වය පරාජයට පත් කරලා එය අත්‍යාවශ්‍ය දේයක්.එතනින් තමයි එකින්නෙක එකින්නෙක ගොඩ වෙමින් මේවා එන්නේ.මෙවැනි ආර්ථික කරුණු බොරු කරන්න බ මානව හිමිකම් කවුන්සලයට.ඒනිසා ඒ මානුෂික මෙහෙයුමේ දි ඇති වු සිද්ධින් අල්ලාගෙන මේ අදගෙන යන සිද්ධින්ට තවදුරටත් අපි හිස නැමිය යුතු නෑ. එය රටක් හැටියට ජනාධිපතිතුමාගේ පණිවිඩය ලෝකය ඉදිරියේ විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කළා.අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ ස්ථාවරය තමයි රජයේ ස්ථාවරය.ඒ නිසා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වර්තමාන රජය අනිවාර්යෙන්ම ජනතාවට සහන ලබා දිලා මේ රටේ උද්ධමනය අඩු කරලා මේ රට ඉදිරියට ගෙන යාමේ වගකිම අපි භාර ගෙන තියෙනවා.මන්ද පෝෂණය තියෙනවා නම් ඔව් අපි භාර ගන්නවා, ඒක නැති කරන්න අපිට පුලුවන්. ඒ වෙන්වෙන් වැඩ පිළිවෙලක් අපිට තියෙනවා.ඒ නිසා තමයයි ප්‍රාදේශිය පුනර්ජිවන කමිටු , ග්‍රාමිය ආර්ථික කමිටු හදලා. ඒ පවුල් ගැන හොයලා බලන වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. දැනට පවුල් ලක්ෂ 31ක් ආහාර වල යම් අඩුවක් තිබෙන බව හදුනාගෙන තියෙනවා.ඒ වෙනුවෙන් සුභ සාධන කටයුතු සියල්ල කරගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එසේම , අපිට වගකීම් දෙකක් තියෙනවා තමන්ගේ ඇමතිවරයා ආරක්ෂා කර ගැනිම,තමන්ගේ ජනාධිපතිතුමා, තමන්ගේ අගමැතිතුමා, ආරක්ෂා කරගැනිම අගමැතිතුමා ඉන්නෙත්,කැබිනට් ඇමති ඉන්නෙත්,රාජ්‍ය ඇමති ඉන්නේත්, ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් වෙන්නෙත් අපිට ආණ්ඩුවක් තිබ්බොත් විතරයි.ඒ නිසා ඒ නිසා අපිට ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා.එ වගේ ම මාධ්‍ය තුළින් අසත්‍ය ප්‍රචාරය වන විට අනිවාර්යය ප්‍රතික්‍රියාවක් දක්වන්න අවශය බවයි.ඇත්තද බොරුද කියලා.මොකද් සුළු සිද්ධි නිසා සම්පුර්ණ චරිත වෙනස් වෙනවා.වැරදි ප්‍රතිරූප රට තුළ ගොඩ නැගෙනවා.ඒවා මේ ඔක්කෝම නිරාකරණය කරන් තියෙන අංශයක් තමයි අපේ අංශය. ඒ නිසා රජයේ ප්‍රතිරුපය ගොඩ නැංවිම ඔබේ යුතුකමක් බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ලේකම්වරුන් හමුවේ පැවසිය.