පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පරිසර හිතකාමි සෝලා පැනල මගින් නව බෝට්ටු ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 08, 2022

    නවෝත්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදිත සෝලා පැනලයක් මගින් ක්‍රියාත්මක නව බෝට්ටුවක් පසුගියදා හදුන්වා දෙන ලදි.

    වෛද්‍ය අවන්ත අතපත්තු මහතා විසින් නිශ්පාදනය කරන ලද මෙම බෝට්ටුව හදුන්වා දීමේ මුලික පියවර ලෙස පරිසර අමාත්‍යාංශය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් දියවන්නවේ දී සිදුකෙරිණ.

    මෙහිදී වෛද්‍ය අවන්ත අතපත්තු මහතා පවසන්නේ මාගේ මුලික අවශ්‍යතාව වුණේ පරිසරය ආරක්ෂා කරගනිමින් බෝට්ටුවක් ධාවනය කරන්නේ කෙසේද? යන්නයි. ඒ අනුව මෙම නිශ්පාදනය කිරිම මුලික අරමුණ වුයේ සුර්ය බල ශක්තිය උපයෝගි කරගෙන බල ගැන්විම සිදුවේ. සුර්ය ශක්තිය අවම කාලයක දි වුවද කුඩා බැටරියක් බල ශක්තිය ගබඩාවිමෙන් පසු එය ආධාරයෙන් මෙම බෝට්ටුව ධාවනය කිරිමට ද හැකිය. පරිසර ආරක්ෂාව මෙන්ම ජලජ ජිවින්ගේ ආරක්ෂාව මුලික අරමුණයි. ඉදිරියේ දී විවිධ අවශ්‍යතාවයන්ට සරිලන බෝට්ටු නිශ්පාදය කිරිමට අපේක්ෂා කරන බව වැඩි දුරටත් අදහස් දැක්වීය.

    පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු දක්වමින් මෙම බෝට්ටු ව්‍යාපෘතිය දියත් කිරිම තුලින් පරිසරයට හරිතාගාර විමෝචනය වීම අඩු කිරිම, එතුලින් ඇතිවන දේශගුණික විපර්‍යාස අවම කිරිම වාසියකි. මෙය ව්‍යාපෘතියක් ලෙස දියුණු වුවහොත් හරිතාගාර විමෝචනය බොහෝ දුරට අඩුවීමක් දක්නට ලැබෙනවා. ජලාශ අපවිත්‍ර වීම අඩුවීමත්,ජලාශ වායු විෂවිම අවම වීම නිසා පරිසරයක් ජලජ ජීවින් පමණක් නොව මිනිසා වන අපද රැකෙනවා. සංචාරක කර්මාන්ත දියුණු කිරිම සදහාත් යොදා ගත හැකි බෝට්ටු ලෙසත්, ශබ්ද දුෂණයෙන් තොර නිසා පක්ෂින් මෙන්ම ජලජ ජීවීන්ට ද ශබ්ද දුෂණයෙන් තොරව ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය වීමත් , වාසිදායකයි. විනෝදයට මෙන්ම ප්‍රවාහනය උදෙසා ද මෙම බෝට්ටු යොදා ගන්න පුළුවන. ඉදිරියේ දී දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමටත් කටයුතු කරන බවටත් වැඩිදුරටත් පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya