පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස මන්ත්‍රී පාඨලී චම්පික රණවක පත්වෙයි

    ඔක්තෝබර් 08, 2022

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත්වෙයි.

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා (ඊයේ 07) තේරී පත්විය.

    ඒ උක්ත අනුකමිටුවේ පළමු රැස්වීම (ඊයේ 07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. සභාපති ධූරය සඳහා ගරු පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් වන අතර, එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ නසීර් අහමඩ් යන මහත්වරුන් විසිනි.

    මෙහිදී කමිටු සාමාජිකයන් විසින් තේ වගාව දියුණු කිරීම, කිරි නිශ්පාදනය ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය යළි ප්‍රතිව්‍යුහගත කිරීම, පොහොර නිශ්පාදනය, සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව යෝජනා අදී රටේ ඉදිරි ආර්ථික සුරක්ෂිතතාවය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සිය අදහස් පළ කරන ලදී.

    එහිදී විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් සමග සාකච්ඡා කොට ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ ආර්ථික ප්‍රවර්ධන යෝජනා ඇතුළත් වාර්තාවක් එළඹෙන 20 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමටද සමාජිකයො එකඟ වූහ.

    ඒ අනුව විදේශ විනිමය ගැටළුව, ණය ප්‍රතිව්‍යහගත කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂඥයන් මෙන්ම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එළඹෙන 13 වැනිදා කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට සමාජිකයන්ගේ එකඟතාවය හිමි විය.

    එමෙන්ම, ආහාර, සෞඛ්‍යය, ප්‍රවාහන, බලශක්ති ආදී ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් සහ අදාළ නිලධාරීන් එළඹෙන 14 වැනිදා කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටද මෙහිදී තිරණය විය.

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව ලබන 19 වැනිදා ද පැවැත්වීම ද මන්ත්‍රීවරයන්ගේ එකඟතාවය පළවිය.

    මෙම රැස්වීමට අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරයන් වන සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වජිර අබේවර්ධන, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ඒ. එල්. එම්. අතාඋල්ලා සහ රවුෆ් හකීම් යන මහත්වරු සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya