පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අවිස්සාවේල්ල ''වග " ප්‍රදේශය මුල් කරගෙන සීතාවකපුර රාජාධානි සංචාරක කලාපයක්

    ඔක්තෝබර් 09, 2022

    අවිස්සාවේල්ල වග ප්‍රදේශය මුල්කරගෙන සීතාවකපුර රාජධානි ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් පසුගිය දා ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    සීතාවක උද්භිද උද්‍යානය , ලබුගම හා කලටුවාන ජලාශ හා එම ප්‍රදේශ වල ඇති සුන්දර සහ ඓතිහාසික ස්ථාන මුල් කර ගෙන මෙම සංචාරක කලාපය ඇති කිරීම අමාත්‍යවරයාගේ අදහස වේ. එමෙන්ම මෙම ප්‍රදේශයට ආවේනික සතුන් සහ පක්ෂීන් දැක බලා ගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට උදාවේ.


    සංචාරකයින් 2000 කට ආසන්න පිරිසක් දැනටමත් මෙම ප්‍රදේශයට සති අන්ත දින වල දී පැමිණෙන බව සාකච්ඡාවේ දී අනාවරණය විය .

    පැමිණෙන සංචාරකයින් සඳහා සති අන්ත දින වල පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වාත් නැවත පස්වරු කාලයේ දී වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වාත් විශේෂ දුම්රියක් ධාවන කිරීමට ද බලාපොරොත්තු වේ.

    මෙයට අමතරව සංචාරකයින්ගේ පහසුව සඳහා අවිස්සාවෙල්ල හා හෝමාගම ඩිපෝ මගින් එම ස්ථාන නැරඹීම සඳහා විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කිරීම කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

    මෙම අවස්ථාවට සීතාවකපුර සහ අවිස්සාවෙල්ල පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් ,
    පනාගොඩ යුධ හමුදා කඳවුරේ අණදෙන නිළධාරී , ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති , අවිස්සාවෙල්ල හා සීතාවකපුර ප්‍රාදේශීය ලේකම්වරු , , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ , ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ සහ සංචාරක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya