පාර්ලිමේන්තුව ඔක්තෝබර් 18 සිට 21 දක්වා රැස්වේ...
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම ඔක්තෝබර් 18 වැනිදා...
ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය 18 වැනිදා...
ඔක්තෝබර් 19 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් 06 ක් විවාදයට ගැනේ..
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 20 සහ 21 පැවැත්වීමට (07) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. ලබන ඔක්තෝබර් 18 වැනිදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.
ඔක්තෝබර් 19 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට ද කාරක සභාවේදී තීරණය වී තිබේ. මේ අනුව, විෂ වර්ග, අබිං සහ
අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව එදින ප.ව 5.00 - ප.ව 5.30 කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇත.
ඔක්තෝබර් 20 සහ 21 දෙදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර 20 වැනි දින ප.ව 5.00 - ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සදහායි.
එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර 2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ඔක්තෝබර් 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිත බව ද මහලේකම්වරයා පැවසීය.