පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රීඩා අමාත්‍යවරයා, ආසියානු රග්බි සම්මේලනයේ සභාපති හමුවෙයි

    ඔක්තෝබර් 10, 2022

    ශ්‍රී ලංකාවේ තහනමට ලක් කර තිබෙන රග්බි ක්‍රීඩාව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අලි දලායි මහතා (Mr. Qais Al Dalai) එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පිහිටා ඇති රග්බි ආසියානු කාර්යාලයේ දී හමුවිය.

    ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ අතර, එහිදී ශ්‍රී ලංකා රග්බි ජාතික කණ්ඩායම්වලට ආසියානු රග්බි තරගාවලි සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින කිහිපයකට පෙර කණ්ඩායම් පුහුණුවීම් නැරඹීමට ගිය අතර කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම ඉතා හොද දස්කම් දක්වනු දැකීමෙන් සතුටට පත් වූ බව ආසියානු රග්බි සභාපති අල් දලායි මහතා (Mr.Qais Al Dalai)විසින් ඒහිදී පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya