පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට උපදෙස්

    ඔක්තෝබර් 10, 2022


     ආසියානු බැංකුවේ ණය ආධාර මත නිවාස ඒකක 5500ක්...
     චීන රජයෙන් නිවාස ඒකක 2000ක්...
     කලාකරුවන් සඳහාත් නිවාස ව්‍යාපෘති. - ඇමති ප්‍රසන්න රණතුංග

    පවතින ආර්ථික අර්බුධ මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.


    මහා භාණ්ඩාගාරයට බරක් නොවී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුවේ ණය ආධාර මත නිවාස ඒකක 5500ක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත. එයින් මහල් නිවාස ඒකක 4074ක ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එමෙන්ම චීන ජනරජයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත යුවාන් මිලියන 552ක මුදලක් උපයෝගී කරගෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙන්ම කලාකරුවන් සඳහාත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    එම ව්‍යාපෘතිය යටතේ පෑලියගොඩ, මොරටුව, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල නිවාස ඒකක 2000 ක ඉදිකිරිමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වය යටතේ අඩු පහසුකම් ජනාවාස සඳහා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද ප්‍රමුඛතාවය ලබාදෙන බවද අමාත්‍යවරයා පවසයි.

    එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අළවි කිරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ නිවාස අළවිකොට ලැබෙන මුදල්ද නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා යොදවා ගන්නා බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya