පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    මිල්කෝ ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට නව වැඩපිළිවෙලක් සකසන්නැයි උපදෙස්

    ඔක්තෝබර් 10, 2022

    රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව  වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.

    මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විශේෂයෙන් එම සමාගම විසින් මෙම වසරේ උපයා ඇති ආදායම සම්බන්ධව අමාත්‍යවරයා, මෙහිදී ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය.

    2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා රටේ යම් ආර්ථික පසුබැස්මක් පැවතියද පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපේක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.

    මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. මෙම වසර අවසාන වන විට රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙම වසරේ ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින් ලාබ ඉපයීම විශේෂත්වයකි.

    මිල්කෝ සමාගම මෙම වසරේ දී කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් විශේෂයෙන් පැස්ටරීකරණයට ලක් කළ දියර කිරි ලීටර් 2,945,329ක්, යෝගට් ලීටර් 4,875,602ක්, මුදවපු කිරි ලීටර් 889,216ක්, අයිස්ක්‍රීම් ලීටර් 3,546,409ක්, එළඟිතෙල් කිලෝග්‍රෑම් 36,906ක්, ද වශයෙන් නිදපවා ඇති බවත් එම සමාගම පවසයි.

    එමෙන්ම චීස් කිලෝ ග්‍රෑම් 12,648ක්, බටර් කිලෝග්‍රෑම් 173,897ක්, කිරිපිටි කිලෝ ග්‍රෑම් 1,290,622ක් ද නිපදවා ඇත. දැනට ශ්‍රී ලංකාව තුළ කිරිගවයින් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩිව බලපා ඇති නිසා ඉන්දීය රජය මගින් කිරිගවයින් ලබා ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    එමෙන්ම පකිස්ථානයෙන් ද කිරි ගවයින් ලබා ගැනීම සඳහා මෙරට පකිස්ථානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන කිරි ගවයින් ලබා ගැනීමට සිදුවන්නේ ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වුවද දැනට එම රටවල් දෙකම කිරි ගවයින් අපනයනය කිරීම අත් හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය රජය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමක් වශයෙන් කිරි ගවයින් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya