ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික සමුළුවට එක්වීමට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වීමට පෙර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය ඔක්තෝබර්10දා (අද ) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද සමුළුව අතරතුර දී පැවැත්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
සමුළුව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්ව සිටිති.