ශ්‍රී ලංකා රේගුව සතු රාජසන්තක කරනලද වාහන එක්රැස් කර තිබෙන වාහන අංගනයේ නිරීක්ෂණයක් සඳහා අද(10) එක්වෙමින් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ 2015 සිටම නීතිවිරෝධී ආකාරයට ආනයනය කරන ලද වාහන රැසක් තිබෙන බවත්, දිගින් දිගටම මේ ආකාරයට වාහන ගෙන්වන්නේ නීතියේ අඩුපාඩුවක් තිබෙන නිසාද නැත්නම් සංවිධානාත්මක ජාවාරමක කොටසක් වශයෙන්ද යන්න පිළිබඳව සොයා බැලීමට තමන් කටයුතු කරන බවත්ය.
එහිදී රේගුවේ නිලධාරීන් හා ඔවුන්ගේ කාර්යයන් සම්බන්ධ සොයා බැලූ අමාත්‍යවරයා පැවසුවේ, රේගුවේ නිලධාරීන් සඳහා තිබෙන පහසුකම් අඩු මට්ටමක පවතින බවත්, වරාය විෂයය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර පහසුකම් වැඩි කිරීමට කටයුතු කරන බවත්ය.
රාජසන්තක කළ රථ වාහන සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම රථ වාහන රේගුවට ලාභයක් උපයන ලෙස යොදාගැනීමට හැකි කඩිනම් පියවර යොදාගන්නා බවයි.