රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම වෘත්තීය කටයුතු වෙනුවෙන් තාක්ෂණය භාවිත කරමින් වඩා ගුණාත්මක වැඩසටහන් ලබා දීමට අමාත්‍යංශය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ඔක්තෝබර් මස 15 දින ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය සැමරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් දවස පුරා එම වැඩසටහන් පැවැත්වෙන අතර සෑම දෘශ්‍යාබාධිත පුද්ගලයකුටම මෙම වැඩසටහනට සහභාගී වන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.පාගමනක්, ක්‍රිකට් තරගාවලියක් මෙන්ම සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
එසේම පීසා ආයතනය හා සම්බන්ධ වෙමින් දෘශ්‍යාබාධිත පුද්ගලයන් පුහුණු කිරීමට මේ වන විට කටයුතු සිදු කෙරෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවල කටයුතු සඳහා මෙම පුද්ලයන් සක්‍රීයව දායක කර ගැනීමටද කටයුතු කරන බව පැවසීය.තවද රජය මසකට රුපියල් 15000ක මුදලක් මෙම පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දෘශ්‍යාබාධිත පුදග්ලයන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කථන පුස්තක වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කෙරෙන බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනෝජා හේරත් මහත්මිය පැවසුවාය.
එසේම මෙම පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු කරන බවද හේරත් මහත්මිය වැඩිදුරටත් පැවසීය.